Tuesday, June 27, 2017

මිනිස්සුන්ගේ ඇඳුම්



මිනිස්සුන්ගේ ඇඳුම්
අපි ඇඳුම් අඳින්නේ ඇයි? සරලම උත්තර කිහිපයක් ඒකට අපිට දෙන්න පුළුවන්. එත් ඇත්තටම මිනිස්සු ඇඳුම් අඳින්න පටන් ගත්තේ කවදා ඉඳලද? ඒකට නම් උත්තරය සරලව දෙන්න අමාරුයි. අන්න ඒ නිසයි ඒ වගේ දේවල් ගැන එළියට බැහැලා මේ  හොයන්න යන්නේ.

විද්වතුන් කියන විදියට මිනිසා ඇඳුම් අඳින්න පටන් ගත්තේ ක්‍රි.පූ.40,000 ත් ක්‍රි.පූ.10,000ත් අතර කාලයේ. මුල්කාලීන මානවයා විලි වසා ගන්නත්, සීතල, අව්ව වැනි දේශගුණික කාලගුණික තත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නත්, මැසි, මදුරු සතුන්ගෙන් ආරක්ෂා වීමටත් ය.එත් මිනිසා ශිෂ්ටාචාරගත වෙන්න පටන් ගත්තට පස්සේ ඇඳුම තමන්ගේ තත්වය පෙන්නන ආභරණයක් කර ගත්තා. ඇතැම් සමාජ වල ප්‍රජනන ඉන්ද්‍රියන්ට වස් වදිනවා යැයි යන විශ්වාසයත් නිසා ඇඳුම් අඳින්න පටන්ගෙන තියනවා.

මුල්ම ඇඳුම ගස් වල පොතු, සුඹුළු, කොළ ආදිය යොදාගෙන නිර්මාණය කරලා තියනවා. පසුව දඩයමෙන් ලබාගන්නා සත්ව හම් යොදාගෙන තිබෙනවා. ඉතා පැරණි ඇතැම් ශිෂ්ටාචාර වල ඇඳුම් පිළිබඳ නිශ්චිත තොරතුරු නොලැබුනත් ඉතා දියුණු යැයි සැලකෙන ශිෂ්ටාචාර වල ඇඳුම් ගැන බොහෝ තොරතුරු හොයා ගන්න පුළුවන්.

පැරණි මිසර ශිෂ්ටාචාර වල ඇඳුම් තැනු ප්‍රධාන අමුද්‍රව්‍ය වෙලා තියෙන්නේ ලිනන් හෙවත් සිනිදු හණ රෙදි. පිරිමි ඇඳුම ඉනේ සිට දණහිස දක්වා කෙටි වස්ත්‍රයක්. කාන්තාව උර පටි සහිත ඇස්වටය දක්වා දික් වුනු දිග ලෝගුවක් වැනි ඇඳුමක්. එමෙන්ම කාන්තාවන් හා පිරිමින් රෙදි හිස්වැසුම් හා පැපිරස් තණකොළ සාදාගත් පාවහන් පැළඳ තිබෙනවා.

බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුළ පිරිමින්ගේ ඇඳුම කෞකනෝස් නම් එක උරහිසක් හෝ උර දෙකම වැසෙන ටසල්ස් යෙදූ ලොමින් වියූ ලෝගුවක් මෙන් වූ ඇඳුමක්. කාන්තා ඇඳුමත් එවැනිම වූ ඇඳුමක් හා සාළුවකින් යුතු විය.

ග්‍රීක පිරිමි ඇඳුම හිමැටියොන් නම් එක උරහිසක් හෝ දෙකම වැසෙන පෙරවූ බඳ පටියක් සහිත ලෝගුවක් වැන්නකි. එම ඇඳුමට යටින් කීතොන් නම් දිග යට ඇඳුමක් විය. කාන්තාව පෙප්ලොස් නම් වස්ත්‍රය අඳින ලදී.


රෝම පිරිමි ඇඳුම උරහිසක් වසා පෙරවූ ටෝගා නම් රැළි සහිත ලෝගුව, බඳ පටිය, කීතෝන් නම් යට ඇඳුම, හා පල්ලියුම් නම් කබායයි. කාන්තා යට ඇඳුම ස්ටෙලා හා පල්ලා යන කොටස් 2න් යුත් පල්ලා නම් උඩුකයට පෙරවූ වස්ත්‍රයට අයත් දිග පිටුපස කොටස හිස වසා ගැනීමට යොදා ගන්නා ලදී.

ජපානයේ පිරිමි ඇඳුම හෝ නම් ඇඳුම, අකොමෙ නම් වස්ත්‍රය, කසනෙ නම් බඳ පටිය, හකුමා නම් සාය ඇඳුම හා ජැකට්ටුවකින් යුක්ත විය. කාන්තාව කිමෝනාව හැඳි අතර හඔරි නම් සේද කබාය, ඔබී නම් පළල් බඳ පටිය, හා එබොෂි හිස්වැසුම පළදින ලදී.

මීට අමතරව ලෝකයේ විවිධ රටවල, විවිධ සංස්කෘති වලට අයිති ඇඳුම් බොහෝ වශයෙන් තියන අතර ඒවා සමහර විශේෂ හේතූන් නිසා වෙනස්කම් ඇති බවත් දකින්න පුළුවන්. අද වෙනකොටනම් ඇඳුම් නිර්මාණය වීම කලාවක් වගේම වාණිජ කටයුත්තක් වෙලා තියනවා. ඒ ගැනනම් බොහෝ දෙනෙක් හොඳින් දැනුවත්.

ඇඳුම් වගේම තවත් ගොඩක් දේවල් ගැන දැනගන්න එළියට බහිමු තවත් ලිපියකින්.


No comments:

Post a Comment

රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...