ලෝක උරුමයන්
ලෝක උරුමයන් ගැන එළියට බැහැලා හොයන්න හිතුනේ පහුගිය දවස්වල ලංකාවේ තියන ලෝක උරුමයක් ගැන ලොකු කතාබහක් ඇති උන නිසයි. ඒ නිසා ලෝක උරුමයන් ගැන හොයලා බලමු මේ ලිපියෙන්.
ලෝක උරුමයක්
වශයෙන් හඳුන්වනු ලබන්නේ අතීතයෙන් අපට උරුම වූ සංස්කෘතිකමය, ඓතිහාසිකමය හෝ විද්‍යාත්මක
වශයෙන් වටිනාකමක් සහිත වූ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන්
වටිනාකමක් හිමි කරගත් භූමියක්, ප්‍රදේශයක් හෝ ස්ථානයක් වේ. මෙම උරුමයන් ආරක්ෂා කර
ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානය හෙවත් (UNESCO) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක
හා සංස්කෘතික සංවිධානය 1972 නොවැම්බර් මස 16වන දින ඇතිකරගත් “ලෝක සංස්කෘතිය හා
ස්වභාවික උරුමය සුරැකීමේ සම්මුතිය” මගින් ෛනතිකමය වටිනාකමක් ලබාදිණි.
මේ හරහා සිදු
කෙරෙන ප්‍රධාන කාර්යයන් වශයෙන් ස්වභාවික සංස්කෘතික උරුමයන් හඳුනා ගැනීම, එම
උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම හා රටවල් දිරිමත් කිරීම, ලෝක උරුමයන් ලෙස
නම් කරන ලද ස්ථාන කළමනාකරණය කිරීම හා ඒ ඒ රාජ්‍යයන් ඒ සඳහා උනන්දු කරවීම, ඊට අවශ්‍ය
තාක්ෂණික සහය හා පුහුණුව ලබාදීම, එමෙන්ම එම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා දේශීය ජනයා
උනන්දු කරවීම හා ජාත්‍යන්තර සහයෝගය ලබාදීම යනාදී කාරණා දැක්විය හැකිය.
2017 ජූලි
මාසය වන විට යුනෙස්කෝ සංවිධානය විසින් රටවල් 167කට අයත්, ලෝක උරුමයන් වශයෙන් ස්ථාන
1073ක් හඳුනාගෙන ඇති අතර ඉන් 832ක් සංස්කෘතිකමය වටිනාකම් සහිත ස්ථාන වන අතර, ස්ථාන
206ක් ස්වභාවික හා ස්ථාන 35ක් වෙනත් පොදු කාරණාවන් මත ලෝක උරුමයන් ලෙස නම් කොට
තිබේ. එලෙස නම් කරන ලද ස්ථානවලට පෞරාණික නටඹුන් හෝ ඓතිහාසිකමය වටිනාකමක් සහිත
ස්ථාන, ගොඩනැගිලි, නගර, කාන්තාර, වනාන්තර, දූපත්, ගංගාවන්, ස්මාරක, හා කඳු යනාදිය
අයත් වේ.
මෙම ලෝක
උරුමයන් අතරින් යුනෙස්කෝවට අනුව 2017 වනවිට ස්ථාන 54ක් විනාශවී යාමේ අනතුරුදායක මට්ටමට පත්ව ඇති බවට හඳුනාගෙන ඇති
අතර ඉන් ස්ථාන 17ක් ස්වභාවික හා ස්ථාන 37ක් සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන වශයෙන්
හඳුනාගෙන තිබේ. ඊට හේතු වශයෙන් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරන්නේ ස්වභාවික හේතුන් මත
මෙන්ම බොහෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම උරුමයන් විනාශ වීමට පත්වන බවයි. ඇතැම්
ස්ථාන වල පවත්නා ඓතිහාසික බව හේතුවෙන්ද, ඇතැම් ස්ථාන මානව ක්‍රියාකාරකම් හේතුවෙන්ද
විනාසවී යන බවයි. විශේෂයෙන් යුධමය වාතාවරණ සහිත ප්‍රදේශවල ඇති ලෝක උරුමයන් එවැනි
ගණයෙහිලා සැලකෙයි. නමුත් එම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට
යුනෙස්කෝ සංවිධානය කටයුතු කරනු ලබයි.
ලෝක උරුමයන් ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොයලා බලමු තවත් ලිපියකින්.
No comments:
Post a Comment