Wednesday, September 27, 2017

රෝල් ඩාල්

Image result for roald dahl

Roald Dahl
සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ.
රෝල් ඩාල් නෝර්වේජියානු දෙමවුපියන්ට දාව එක්සත් රාජධානියේ වේල්ස් හීදී උපත ලබනවා. ඒ 1916 සැප්තැම්බර් 13 වෙනිදා. නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, කවියෙක්, තිරපිටපත් රචකයෙක් විදියට තමයි මොහු ඉතාමත් ප්‍රසිද්ධ. එපමණක් නොව දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදාවේ සේවය කල ඔහු පියාසර අණදෙන නිලධාරියෙකු වශයෙන් සේවය කරලත්  තිබෙනවා.
අබිරහස්, මනඃකල්පිත වගේම භයානක විදියේ කතා මොහු විසින් රචනා කරලා තියනවා. James and the Giant Peach, Charlie and the Chocolate Factory, Matilda, The Witches, Fantastic Mr.Fox, The BFG, The Twist වගේ පොත් රාශියක් මොහු විසින් රචනය කරලා තිබෙනවා.
Image result for roald dahl books

ලොව පුරා ඔහුගේ පොත් පිටපත් මිලියන 250ක් පමණ අලෙවි වෙලා තියනවා. ඔහුව හඳුන්වනු ලබන්නේ 20වෙනි ශතවර්ෂයේ හොඳම ළමා කතාකරුවන්ගෙන් අයෙක් විදියටයි. 1983 වර්ෂයේදී World Fantasy Award for Life Achievement සම්මානය දිනාගන්නට ඔහු සමත් වෙනවා. 1990 වර්ෂයේදී  British Book Awards හීදී "Children’s Author of the Year" යන සම්මාන මොහු හිමි කරගන්නවා.The Times සඟරාව 1945 සිට බ්‍රිතාන්‍යයේ හොදම කතාකරුවන්ගෙන් 16 වෙනි ස්ථානයට ඩාල්ව නම් කරලා තියනවා.ළමා පාඨකයා වෙනුවෙන් ඉතාමත් රසවත් කතන්දර රචනා කරපු රෝල් ඩාල් 1990 නොවැම්බර් 23 වෙනි දින එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් හීදී මිය යනවා.

මොහු විසින් රචනා කරන ලද පොත් වලින් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට පවා නිර්මාණයවී තිබෙනවා. චාලී සහ චොක්ලට් කම්හල වගේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙත් ඔහුගේ රසවත් නවකතාවන්ය. ලෝක සාහිත්‍යයට ඉතාමත් වටිනා කෘතීන් ගණනාවක් විශේෂයෙන්ම ළමා මනස අමුතු ලෝකයකට ගෙනයන රෝල් ඩාල් කතාකරුවාගේ හොඳම රසිකයින්ගෙන් කෙනෙක් විදියට මමත් හඳුන්වන්නම ඕනේ. මොහු වගේම තවත් බොහෝ චරිත ගැන එලියට බැහැලා හොයමු තවත් ලිපියකින්.

No comments:

Post a Comment

රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...