Wednesday, September 27, 2017

රෝල් ඩාල්

Image result for roald dahl

Roald Dahl
සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ.
රෝල් ඩාල් නෝර්වේජියානු දෙමවුපියන්ට දාව එක්සත් රාජධානියේ වේල්ස් හීදී උපත ලබනවා. ඒ 1916 සැප්තැම්බර් 13 වෙනිදා. නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, කවියෙක්, තිරපිටපත් රචකයෙක් විදියට තමයි මොහු ඉතාමත් ප්‍රසිද්ධ. එපමණක් නොව දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදාවේ සේවය කල ඔහු පියාසර අණදෙන නිලධාරියෙකු වශයෙන් සේවය කරලත්  තිබෙනවා.
අබිරහස්, මනඃකල්පිත වගේම භයානක විදියේ කතා මොහු විසින් රචනා කරලා තියනවා. James and the Giant Peach, Charlie and the Chocolate Factory, Matilda, The Witches, Fantastic Mr.Fox, The BFG, The Twist වගේ පොත් රාශියක් මොහු විසින් රචනය කරලා තිබෙනවා.
Image result for roald dahl books

ලොව පුරා ඔහුගේ පොත් පිටපත් මිලියන 250ක් පමණ අලෙවි වෙලා තියනවා. ඔහුව හඳුන්වනු ලබන්නේ 20වෙනි ශතවර්ෂයේ හොඳම ළමා කතාකරුවන්ගෙන් අයෙක් විදියටයි. 1983 වර්ෂයේදී World Fantasy Award for Life Achievement සම්මානය දිනාගන්නට ඔහු සමත් වෙනවා. 1990 වර්ෂයේදී  British Book Awards හීදී "Children’s Author of the Year" යන සම්මාන මොහු හිමි කරගන්නවා.The Times සඟරාව 1945 සිට බ්‍රිතාන්‍යයේ හොදම කතාකරුවන්ගෙන් 16 වෙනි ස්ථානයට ඩාල්ව නම් කරලා තියනවා.ළමා පාඨකයා වෙනුවෙන් ඉතාමත් රසවත් කතන්දර රචනා කරපු රෝල් ඩාල් 1990 නොවැම්බර් 23 වෙනි දින එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් හීදී මිය යනවා.

මොහු විසින් රචනා කරන ලද පොත් වලින් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට පවා නිර්මාණයවී තිබෙනවා. චාලී සහ චොක්ලට් කම්හල වගේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙත් ඔහුගේ රසවත් නවකතාවන්ය. ලෝක සාහිත්‍යයට ඉතාමත් වටිනා කෘතීන් ගණනාවක් විශේෂයෙන්ම ළමා මනස අමුතු ලෝකයකට ගෙනයන රෝල් ඩාල් කතාකරුවාගේ හොඳම රසිකයින්ගෙන් කෙනෙක් විදියට මමත් හඳුන්වන්නම ඕනේ. මොහු වගේම තවත් බොහෝ චරිත ගැන එලියට බැහැලා හොයමු තවත් ලිපියකින්.

Monday, August 14, 2017

හිරෝෂිමා නාගසාකි




 මෙම ලිපියෙන් එළියට බැහැලා හොයන්න යන්නේ එතරම් සුන්දර ත්දැකීමක් ගැනනම් නෙමෙයි. අගෝස්තු මාසේ සිද්ද වුන ඉතා භයානක සිදුවීමක් තමයි හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාර කියන්නේ. ඉතින් ඒ ගැන එලියට බැහැලා හොයමු මේ ලිපියෙන්.
දෙවන ලෝක යුද්ධය පැවති කාල වකවානුවේ ජපන් අධිරාජ්‍යයාගේ නොමනා හැසිරීම් නිසා ආසියාතික ජනයාට දැඩි ප්‍රශ්න වලට මුහුණපාන්නට සිදු විය. මිලියන ගණනින් ජීවිත ජර්මනිය ප්‍රමුඛ නාසීන් විසින් විනාශ කරද්දී, ආසියාව තුළ ජපානය රුදුරු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන ලදී. ඒ හේතුවෙන් ජපානයට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට එවකට ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන්  කටයුතු කළේය.  නාසි ආධිපත්‍ය අඩපණ කරමින් සිටි කාල වකවානුවක ජපානයේ අධිරාජ්‍යවාදී නැගීම නිසා ඇමරිකාව විසින් එය පාලන කිරීමේ උපායක් ලෙස මෙම බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සිදු කරන ලදී.
1945 අගෝස්තු මස 6 වෙනිදා උදෑසන ජපානයට ඉතාමත් වේදනාකාරී දිනයක් බවට පත් කරමින් Uranium gun-type හෙවත් little boy පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙලන ලදී. මෙම බෝම්බ ප්‍රහාරයෙන් 30%ක් තරම් වූ හිරෝෂිමා වැසියන් සමූලඝාතනය විය. 70,000-126,000ත් අතර ප්‍රමාණයක් වේ. එමෙන්ම 20000 ක් වූ ජපන් හමුදා සෙබලුන්ද ඉන් ජීවිතක්‍ෂයට පත් විය. 70,000 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.
එම බෝම්බ පහාරයෙන් යටත් නොවූ ජපන් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව හිරෝෂිමා ප්‍රහාරය සිදුවී දින තුනකට පසුව ටෲමන් ජනාධිපතිවරයාගේ අණ පරිදි නාගසාකි නගරයට fat man හෙවත් plutonium implosion-type බෝම්බය හෙලන ලදී.  එම ප්‍රහාරයෙන් 39,000-80,000 ත් අතර සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය විය.

එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජපානය අධිරාජ්‍යවාදී පාලනයෙන් ඉවත්වීමට සිදු විය. කෙසේවෙතත් එම සියලු ප්‍රහාර වලින් මෙන්ම අධිරාජ්‍යවාදී පාලනයෙන් පීඩා විඳින ලද්දේ සාමාන්‍ය වැසියන්ය. එම ප්‍රහාරයෙන් වසර 72ක් ගතවී ඇතත් අදටත් හිරෝෂිමා, නාගසාකි ප්‍රදේශවල පරමාණු බෝම්බයේ බලපෑමෙන් විවිධ ආබාධයන්ට ලක්වූ වැසියන් දැකගත හැකිය.


හිරෝෂිම නාගසාකි විනාශයන් පිළිබඳ මෙම ලිපියෙන් එළියට බැහැලා හොයලා බැලුවේ. එත් අනාගතයේ කිසිම දවසක මෙවැනි සිදුවීමක් ගැන හොයලා බලන්න එලියට බහින්න වෙන්න එපා කියලයි අන්තිමට ප්‍රාර්ථනා කරන්නේ. 

Wednesday, July 19, 2017

ලෝක උරුමයන්


ලෝක උරුමයන්
ලෝක උරුමයන් ගැන එළියට බැහැලා හොයන්න හිතුනේ පහුගිය දවස්වල ලංකාවේ තියන ලෝක උරුමයක් ගැන ලොකු කතාබහක් ඇති උන නිසයි. ඒ නිසා ලෝක උරුමයන් ගැන හොයලා බලමු මේ ලිපියෙන්.
ලෝක උරුමයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ අතීතයෙන් අපට උරුම වූ සංස්කෘතිකමය, ඓතිහාසිකමය හෝ විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත වූ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් හිමි කරගත් භූමියක්, ප්‍රදේශයක් හෝ ස්ථානයක් වේ. මෙම උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානය හෙවත් (UNESCO) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය 1972 නොවැම්බර් මස 16වන දින ඇතිකරගත් “ලෝක සංස්කෘතිය හා ස්වභාවික උරුමය සුරැකීමේ සම්මුතිය” මගින් ෛනතිකමය වටිනාකමක් ලබාදිණි.
මේ හරහා සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වශයෙන් ස්වභාවික සංස්කෘතික උරුමයන් හඳුනා ගැනීම, එම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම හා රටවල් දිරිමත් කිරීම, ලෝක උරුමයන් ලෙස නම් කරන ලද ස්ථාන කළමනාකරණය කිරීම හා ඒ ඒ රාජ්‍යයන් ඒ සඳහා උනන්දු කරවීම, ඊට අවශ්‍ය තාක්ෂණික සහය හා පුහුණුව ලබාදීම, එමෙන්ම එම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා දේශීය ජනයා උනන්දු කරවීම හා ජාත්‍යන්තර සහයෝගය ලබාදීම යනාදී කාරණා දැක්විය හැකිය.
2017 ජූලි මාසය වන විට යුනෙස්කෝ සංවිධානය විසින් රටවල් 167කට අයත්, ලෝක උරුමයන් වශයෙන් ස්ථාන 1073ක් හඳුනාගෙන ඇති අතර ඉන් 832ක් සංස්කෘතිකමය වටිනාකම් සහිත ස්ථාන වන අතර, ස්ථාන 206ක් ස්වභාවික හා ස්ථාන 35ක් වෙනත් පොදු කාරණාවන් මත ලෝක උරුමයන් ලෙස නම් කොට තිබේ. එලෙස නම් කරන ලද ස්ථානවලට පෞරාණික නටඹුන් හෝ ඓතිහාසිකමය වටිනාකමක් සහිත ස්ථාන, ගොඩනැගිලි, නගර, කාන්තාර, වනාන්තර, දූපත්, ගංගාවන්, ස්මාරක, හා කඳු යනාදිය අයත් වේ.

මෙම ලෝක උරුමයන් අතරින් යුනෙස්කෝවට අනුව 2017 වනවිට ස්ථාන 54ක් විනාශවී යාමේ  අනතුරුදායක මට්ටමට පත්ව ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් ස්ථාන 17ක් ස්වභාවික හා ස්ථාන 37ක් සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන වශයෙන් හඳුනාගෙන තිබේ. ඊට හේතු වශයෙන් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරන්නේ ස්වභාවික හේතුන් මත මෙන්ම බොහෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම උරුමයන් විනාශ වීමට පත්වන බවයි. ඇතැම් ස්ථාන වල පවත්නා ඓතිහාසික බව හේතුවෙන්ද, ඇතැම් ස්ථාන මානව ක්‍රියාකාරකම් හේතුවෙන්ද විනාසවී යන බවයි. විශේෂයෙන් යුධමය වාතාවරණ සහිත ප්‍රදේශවල ඇති ලෝක උරුමයන් එවැනි ගණයෙහිලා සැලකෙයි. නමුත් එම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කරනු ලබයි. 
ලෝක උරුමයන් ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොයලා බලමු තවත් ලිපියකින්.

Wednesday, July 5, 2017

Transformers



ජුනි මාසේ 21 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු Transformers අලුත්ම චිත්‍රපටිය ආදායම් වාර්තා කිහිපයක්ම තබන්න සමත්වුණු චිත්‍රපටියක්. ඒ නිසා එළියට බැහැලා මේ හොයන්න යන්නේ Transformers චිත්‍රපට ගැනයි.
Transformers චිත්‍රපටි මාලාවක් හෙවත් series එකක් විදියට හඳුන්වන්න පුළුවන්. American Science fiction action films ගණයට තමයි මේ films අයිති වෙන්නේ. චිත්‍රපටි අධ්‍යක්‍ෂණය කලේ Michael Bay විසින්. කතා වලට පාදක වෙන්නේ Hasbro ඇමරිකානු බහුජාතික සෙල්ලම්බඩු නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයන් හා Tomy ජපන් සෙල්ලම්බඩු නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ආශ්‍රයෙනුයි. Paramount Picture චිත්‍රපටි බෙදා හැරීම සිදු කරයි.
පළමු Transformers චිත්‍රපටිය 2007දි තිරගත කරන්නේ. Shia LaBeouf හා Megan Fox ප්‍රධාන චරිත නිරුපනය කරනවා.

දෙවන චිත්‍රපටිය Revenge of the Fallen, 2009 වසරේදී තමයි තිරගත වෙන්නේ. 2011දි Dark of the moon චිත්‍රපටිය තිරගත කරනවා. ප්‍රධාන චරිතය Megan Fox වෙනුවට Rosie Huntington විසින් සිදු කරනු ලැබීය.
 2014දි Age of Extinction චිත්‍රපටිය තිරගත විය.  Mark Wahlberg හා Stanley Tucci ප්‍රධාන චරිත නිරුපනය කරයි. 


 2017 ජුනි 20 වෙනිදා The Last Knight චිත්‍රපටියත් තිරගත විය. ඩොලර් මිලියන 272ක ආදායමක් මේ වනවිටත් ලොව පුරා චිත්‍රපටිය ප්‍රදර්ශනයෙන් ලබාගෙන ඇත. චිත්‍රපටය 2D, 3D හා IMAX 3D තාක්ෂණයෙන් නැරඹීමේ හැකියාව ප්‍රේක්ෂකයාට හිමි වේ.  

මේ වගේ තොරතුරු  හොයමු එළියට බැහැලා තවත් ලිපියකින්. 

Thursday, June 29, 2017

United States of America

OMG! Facts about USA

  • Most power full country in the world
  • Dialing code +1
  • Every hour, at least 1 person is killed by a drunk driver in the USA
  • 100 acres of pizza are served in the US every day


  • If you have US$10 in your pocket, you are wealthier than 25% of Americans
  • 7% of Americans claim they never bathe
  • One American consumes as many resources as 32 Kenyans
  • Every second Americans collectively eat 100 pounds of chocolate


  • America’s first slave owner was a black man
  • 1 in 3 Americans is obese
  • There are at least 97 people called “LOL” in the US


  • The average US worker stays at each of its jobs for 4.4 years
  •  8 billion chickens are consumed in the US each year
  • 40% of births in the USA come from unmarried women
  • Apple has more operating cash than the US treasury
  • Every day, nearly 4000 teens in the US smoke their first cigarette while 1000 start smoking on a daily basis
  • Smoking causes 1 in every 5 deaths in the US every year
  • 20 million Americans live in mobile homes
  • College textbooks prices in the US have risen faster than health-care, housing, and inflation
  • After Christianity, the largest religious affiliation in the US is Judaism
  • There are more single people than married people in the US nowadays
  • The four corners monument is the only point in the US shared by four states
  • There are more Face book users from the US than US citizens that voted in the last election
  • The US has no official language
  • 63% of US prison inmates can’t read
  • There are more public libraries than McDonald’s in the US
  • 60000 plastic bags are being used in the US every 5 seconds
  • The banana is the most popular fruit in the USA


  • The US government spends US$1.8 billion per year printing documents
  • Valentine’s Day is also National condom day in the USA


  •  Almost half the world’s credit card frauds happen in the USA
  • There are more TVs in the U.S. than people in the U.K
  • 1 in 25 U.S. teenagers has attempted suicide
  • The launch code for all U.S. minuteman nuclear missiles for 20 years used the same code. Code is 00000000.
  • The Afghan war is the longest war in U.S. history
  • More U.S. soldiers committed suicide than died in combat in 2012
  • Hackers cost the U.S. economy up to 500000 jobs each year
  • There are 100 divorces every hour in the U.S.
  • 50% is the lifetime risk of developing cancer for a man in the U.S.
  • There are 2 pets for every 3 people in the U.S.
  • An average person in the U.S. eats 35 tons of foods in a lifetime
  • 4% of women in the USA are pregnant right now
  • The first Friday of June is National Donuts Day in the U.S.


  • 30% of businesses in the U.S. are owned by women
  • GPS is owned and controlled by the U.S. Government. It can be switched off at any time
  • In the USA more than 1.2 million people have HIV
  • By law, only dead people can appear on U.S. currency


  • Empty Homes outnumber the homeless 6 to 1 in the USA
  • In 2015, the marijuana market in the U.S. was bigger than craft beer, wine and organic food
  • The U.S. is the largest exporter of sperm
  • Just 0.21% of the U.S. total population live in its capital city, it is the lowest percentage in the world







Tuesday, June 27, 2017

මිනිස්සුන්ගේ ඇඳුම්



මිනිස්සුන්ගේ ඇඳුම්
අපි ඇඳුම් අඳින්නේ ඇයි? සරලම උත්තර කිහිපයක් ඒකට අපිට දෙන්න පුළුවන්. එත් ඇත්තටම මිනිස්සු ඇඳුම් අඳින්න පටන් ගත්තේ කවදා ඉඳලද? ඒකට නම් උත්තරය සරලව දෙන්න අමාරුයි. අන්න ඒ නිසයි ඒ වගේ දේවල් ගැන එළියට බැහැලා මේ  හොයන්න යන්නේ.

විද්වතුන් කියන විදියට මිනිසා ඇඳුම් අඳින්න පටන් ගත්තේ ක්‍රි.පූ.40,000 ත් ක්‍රි.පූ.10,000ත් අතර කාලයේ. මුල්කාලීන මානවයා විලි වසා ගන්නත්, සීතල, අව්ව වැනි දේශගුණික කාලගුණික තත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නත්, මැසි, මදුරු සතුන්ගෙන් ආරක්ෂා වීමටත් ය.එත් මිනිසා ශිෂ්ටාචාරගත වෙන්න පටන් ගත්තට පස්සේ ඇඳුම තමන්ගේ තත්වය පෙන්නන ආභරණයක් කර ගත්තා. ඇතැම් සමාජ වල ප්‍රජනන ඉන්ද්‍රියන්ට වස් වදිනවා යැයි යන විශ්වාසයත් නිසා ඇඳුම් අඳින්න පටන්ගෙන තියනවා.

මුල්ම ඇඳුම ගස් වල පොතු, සුඹුළු, කොළ ආදිය යොදාගෙන නිර්මාණය කරලා තියනවා. පසුව දඩයමෙන් ලබාගන්නා සත්ව හම් යොදාගෙන තිබෙනවා. ඉතා පැරණි ඇතැම් ශිෂ්ටාචාර වල ඇඳුම් පිළිබඳ නිශ්චිත තොරතුරු නොලැබුනත් ඉතා දියුණු යැයි සැලකෙන ශිෂ්ටාචාර වල ඇඳුම් ගැන බොහෝ තොරතුරු හොයා ගන්න පුළුවන්.

පැරණි මිසර ශිෂ්ටාචාර වල ඇඳුම් තැනු ප්‍රධාන අමුද්‍රව්‍ය වෙලා තියෙන්නේ ලිනන් හෙවත් සිනිදු හණ රෙදි. පිරිමි ඇඳුම ඉනේ සිට දණහිස දක්වා කෙටි වස්ත්‍රයක්. කාන්තාව උර පටි සහිත ඇස්වටය දක්වා දික් වුනු දිග ලෝගුවක් වැනි ඇඳුමක්. එමෙන්ම කාන්තාවන් හා පිරිමින් රෙදි හිස්වැසුම් හා පැපිරස් තණකොළ සාදාගත් පාවහන් පැළඳ තිබෙනවා.

බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුළ පිරිමින්ගේ ඇඳුම කෞකනෝස් නම් එක උරහිසක් හෝ උර දෙකම වැසෙන ටසල්ස් යෙදූ ලොමින් වියූ ලෝගුවක් මෙන් වූ ඇඳුමක්. කාන්තා ඇඳුමත් එවැනිම වූ ඇඳුමක් හා සාළුවකින් යුතු විය.

ග්‍රීක පිරිමි ඇඳුම හිමැටියොන් නම් එක උරහිසක් හෝ දෙකම වැසෙන පෙරවූ බඳ පටියක් සහිත ලෝගුවක් වැන්නකි. එම ඇඳුමට යටින් කීතොන් නම් දිග යට ඇඳුමක් විය. කාන්තාව පෙප්ලොස් නම් වස්ත්‍රය අඳින ලදී.


රෝම පිරිමි ඇඳුම උරහිසක් වසා පෙරවූ ටෝගා නම් රැළි සහිත ලෝගුව, බඳ පටිය, කීතෝන් නම් යට ඇඳුම, හා පල්ලියුම් නම් කබායයි. කාන්තා යට ඇඳුම ස්ටෙලා හා පල්ලා යන කොටස් 2න් යුත් පල්ලා නම් උඩුකයට පෙරවූ වස්ත්‍රයට අයත් දිග පිටුපස කොටස හිස වසා ගැනීමට යොදා ගන්නා ලදී.

ජපානයේ පිරිමි ඇඳුම හෝ නම් ඇඳුම, අකොමෙ නම් වස්ත්‍රය, කසනෙ නම් බඳ පටිය, හකුමා නම් සාය ඇඳුම හා ජැකට්ටුවකින් යුක්ත විය. කාන්තාව කිමෝනාව හැඳි අතර හඔරි නම් සේද කබාය, ඔබී නම් පළල් බඳ පටිය, හා එබොෂි හිස්වැසුම පළදින ලදී.

මීට අමතරව ලෝකයේ විවිධ රටවල, විවිධ සංස්කෘති වලට අයිති ඇඳුම් බොහෝ වශයෙන් තියන අතර ඒවා සමහර විශේෂ හේතූන් නිසා වෙනස්කම් ඇති බවත් දකින්න පුළුවන්. අද වෙනකොටනම් ඇඳුම් නිර්මාණය වීම කලාවක් වගේම වාණිජ කටයුත්තක් වෙලා තියනවා. ඒ ගැනනම් බොහෝ දෙනෙක් හොඳින් දැනුවත්.

ඇඳුම් වගේම තවත් ගොඩක් දේවල් ගැන දැනගන්න එළියට බහිමු තවත් ලිපියකින්.


Wednesday, June 14, 2017

Pirates of the Caribbiean

                                        
                                                       
                                                 Pirates of the Caribbean
අපි ගොඩක් දෙනා ආසාවෙන් බලපු චිත්‍රපටියක් ගැන එළියට බැහැලා හොයන්නයි මේ යන්නේ. චිත්‍රපටිය Pirates of the Caribbean” මෙහි අලුත්ම සහ 5 වෙනි චිත්‍රපටිය මැයි මාසේ 26 වෙනිදා තිරගත කිරීම ආරම්භ කළා. 
Pirates of the Caribbean චිත්‍රපටිය, චිත්‍රපටි 5කින් යුක්ත series එකක් විදියට හඳුන්වන්න පුළුවන්. Swashbuckler හෙවත් Action Film වල sub genre ගණයට තමයි මේ චිත්‍රපටි අයත් වෙන්නේ. ඒ කියන්නේ ත්‍රාසජනක වැඩ කරන වීරයෙකුගේ කතාවක් මූලික කරගෙනයි මේ චිත්‍රපටියේ කතාව දිවෙන්නේ. හරියට රොබින් හුඩ් වගේ.
ඇමරිකානු චිත්‍රපට හා රුපවාහිනී නිෂ්පාදකයෙක් වන Jerry Bruckheimer තමයි මේ චරිතේ මවලා තියෙන්නේ. මෙයට පාදක වෙලා තියෙන්නේ Walt Disney කතා සංකල්ප සහ 4 වෙනි චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Tim Power නවකතාකරුවාගේ On Stranger Tides නවකතාවයි.
මෙහි පළමු චිත්‍රපටිය තිරගත වන්නේ 2003 අවුරුද්දේ. Pirates of the Caribbean චිත්‍රපටි මාලාවේ පළමුවැනි චිත්‍රපටිය වන “The Cruse of the black pearl” සමඟයි. මේ චිත්‍රපටියත් එක්කම Captain Jack Sparrow හෙවත් Johnny Depp උන්මාදයක් වෙලා ප්‍රේක්ෂකයා අතරට පැමිණියා. මේ චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරන්නේ Gore Verbinski. ඔහු විසින්ම මෙහි දෙවන චිත්‍රපටිය වන“Dead Man’s Chest” 2006 දී තිරගත කරනවා. චිත්‍රපටිය ලබා ගන්නා ඉහළ ජනප්‍රියත්වය නිසා Gore 2007දි “At World’s End” චිත්‍රපටියත් මෙම චිත්‍රපටි මාලාවට එකතු කරනවා.
2011 වසරේදී“On Stranger Tides” චිත්‍රපටිය Pirates of the Caribbean චිත්‍රපටි මාලාවට එකතු වන්නේ Rob Marshall අධ්‍යක්ෂකවරයා යටතේය. 5වෙනි චිත්‍රපටිය නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසේ 26 වෙනිදා. “Dead Men Tell No Tales” චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරන්නේ Joachim Ronning හා Espen Sandberg විසින්.
මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්න රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දායකත්වය ගැන නම් නොකියම බැහැ. Johnny Depp, Geoffrey Rush, Kevin R. McNally, Orlando Bloom, Keira Knightley වගේ තවත් බොහෝ ජනප්‍රිය චරිත මෙහි රංගනයෙන් දායක වෙනවා. එයාලා මේ වෙනකොට ලෝකය පුරාම වීර චරිත බවට පත් වෙලා ඉවරයි.  ඩොලර් බිලියන4.2 ක ආදායමක් ලබපු මේ චිත්‍රපටිය නමවෙනි වැඩිම ආදායමක් උපයාගත් film series එක විදියටත් හඳුන්වනවා. 


අලුතෙන් ආපු හරි එන්න තියන හරි චිත්‍රපටියක් ගැන එළියට බැහැලා බලමු තවත් ලිපියකින්.

රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...