Wednesday, June 14, 2017

Japan

                     
           こんにちは  Japan
                        
  • Japan is an East Asian island nation in the Pacific Ocean
  • Capital is Tokyo
  • Dialing Code +81
  • Japan consists of over 6800 islands
  • Japan suffer 1500 earthquakes every year
  • More than 50,000 people who are over 100years old 
  • Japanese Trains are among the world’s most punctual. Their average delay is just 18 seconds
  • Square watermelons are grown by Japanese farmers for easier stack and store 
  • In japan there are more pets than children
  • In japan 90% of mobile phones are waterproof because youngsters use them even in the shower
  • In Japan and Korea there is a Cat Café where you can go to drink Coffee and hang out with cats for hours
  • Sleeping on the job is acceptable in japan, as its viewed as exhaustion from working hard
  • A round 24 billion pairs of chopsticks are used in japan each year
  • In japan, there’s a building with a highway passing through it
  • In japan, there is a festival that is a celebration of the penis and fertility
  • Black cats are considered to bring good luck in Japan
  • In japan, KFC is a typical feast of Christmas eve
  • In japan, they use more paper for comics than for toilet paper
  • There is an island in japan that’s full of rabbits
  • If you commit suicide in japan by jumping in front of train, the family of the deceased will be charged a disruption fee
  • Japan is the highest anorexia rate country
  • Most streets in japan have no name
  • In japan, Burger king has an all-black burger
  • Godzilla is an official citizen of japan
  • Japan has over 70 flavors of Fanta including “The Mystery fruit” “Genius Energy” “Hip Hop” flavor
  • In Japanese, there are at least 20 different ways to say “Sorry”
  • In japan, the leading cause of death for men aged 20 to 44 is suicide
  • A Snoopy Museum opened in 2016 in Tokyo Japan
  • You can buy eel flavored ice cream in Japan
  • Japan has the highest life expectancy in the world with 83.7 years

Tuesday, June 13, 2017

China



                                   
                                   
               你好 China
OMG! facts about China

  • People’s republic of China is the world’s most populous country, population over 1.37 billion
  • Second largest state by land areas
  • Capital is Beijing
  • Dialling Code +86
  • World’s largest standing army and second largest Defense budget 


  • 100 million people in china live on less than US$1 per day
  • China uses 45 billion chopsticks per year 


  • World’s largest exporter and Second largest importer of goods
  • Over 35 million people still live in Caves
  • The sunrise in parts of China can be as late as 10AM because the country joined it’s five time zones into a single one
  • Every 30 seconds a baby is born with a birth defect
  • Table Tennis is China’s national sport
  • Play station is illegal in China 


  • By 2020, china could have between 30 million and 40 million men who cannot find wives
  • China has treatment camps for internet addicts
  • Every year, nearly four million cats are eaten in china
  • Half of all the world’s pigs live in China
  • The first recorded use of Marijuana was in China, over 4700 years ago
  • 20 million 20 years old trees are cut down in China every year to make chopsticks
  • All pandas in the world are on loan from china 


  • Facebook has 95 million users in China despite being blocked
  • Facebook, Twitter and The New York Times have been blocked in china since 2009 


  • Largest population of Buddhists, approximately 244 million or 18.2% of its total population
  • World’s largest producer of cigarettes is a company owned by the Chinese government
  • China is the world’s largest consumer of red wine
  • Three surnames Wang, Li and Zhang make up for 21% of the Chinese population
  • Chinese students can get 7 years in jail for cheating on exams 


  • 1 in every 3 socks you have were made in the district of Datang in Zhuji, China, now known as “Socks City” 

Thursday, June 1, 2017

ලොවම හෙල්ලූ හොල්මන්
ඇත්තටම හොල්මන් කියල දෙයක් තියනවද? කවුද ඇත්තටම හොල්මන් දැකලා තියෙන්නේ? ඒ ගැන එක එක කතන්දර ගොඩක් ලෝකයේ තැන් තැන් වලින් දැනගන්න ලැබිලා තියනවා. ඒ වගේ ලෝකයේ හොල්මන් ඉන්නව කියලා කියන තැන් 8ක් ගැන හොයලා බලන්න එළියට බහින්නයි මේ හදන්නේ.
The Tower of London, England.
එංගලන්තෙ ලන්ඩන් කුලුන හොල්මන් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක්. හිස නැති Anne Boleyn, Lady Jane grey වැනි අය මේ කුලුනේ සැරිසරන බව තමයි ආරංචි වෙන්නේ. මේ කතාව ලන්ඩනයේ විතරක් නෙමෙයි ලෝකයේම ඉතාමත්ම ප්‍රසිද්ධයි.
Banff Spring Hotel, Alberta, Canada.
කැනඩාවේ පිහිටි ඓතිහාසික හෝටලයක් ගැනයි මේ කියන්න යන්නේ. හිත චංචල කරන විදියේ අමනුෂ්‍ය ආත්මයන් කිහිපයක් ගැන මේ හෝටලයෙන් ආරංචි වෙනවා. මිය ගිය හෝටල් සේවකයෙක් මෙහි එන ආගන්තුකයන්ට උදව් කරපු අවස්ථා වගේම බාල් නැටුම් අංගනයේ ඝාතනයට ලක් වූ පවුලක්ද දැකගන්න ලැබෙනවලු.
Chateau de Brissac, Maine-et-Loire, France.
11වන ශතවර්ෂයේදී මෙම අලංකාර මාලිගයේදී ඉතා භයානක ද්විත්ව ඝාතනයක් සිදු වෙලා තියනවා. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට තමයි කොළ පැහැති ආර්යාව (Lady in Green) නැමති ආත්මය මෙම මාළිගයේ සැරිසරන්න පටන්ගෙන තියෙන්නෙ. කොළ පැහැති ඇඳුමක් ඇඳගත් අමනුෂ්‍ය ආත්මයක් මෙහි සැරිසරන අතර ඇයගේ මුහුණ කුණු වූ මළ සිරුරක මෙන් යැයි කියනවා. ඒ වගේම මාලිගාවේ ලතෝනි සද්දත් ඇහෙනවා කියලයි කියන්නේ.
Mary King’s Close, Edinburgh, Scotland.
ස්කොට්ලන්තයේ 16 සහ 17 වන ශතවර්ෂ වල විවිධ වෙළඳාම් කටයුතු සඳහා පොළව යට ඉදි කරන ලද උමං මාර්ගයක සැරිසරන ආත්මයන් පිළිබඳවයි දැන් කියන්න යන්නේ. මෙම උමං වල භූතාත්ම පිළිබඳ වාර්තා වෙන්නේ 17වන ශතවර්ෂයේ සිටයි. ඒ කාලයේ ඉඳලම විවිධ ආත්ම වලින් හිරිහැර සිදුවෙනව කියලයි කියන්නේ. විවිධ හේතු එක්ක මේ උමං මාර්ග පාළු, ජරාවාස තැනක් වෙලා. එත් හැබැයි පරණ පදිංචිකාරයන් නම් තවමත් එම උමං මාර්ග දාලා ගිහින් නැති බවයි කියන්නේ. ඔවුන්ගේ අඩි ශබ්ද, පසුපස හඹාගෙන එන ආත්ම, ශරීරයක් නොමැති වුවත් විවිධ ශබ්ද, කටහඬවල් ඉතා භයානක විදියට මෙම උමං තුළින් ඇහෙනවා කියලයි ආරංචිය. ඇනී නම් කුඩා ගැහැණු ළමයාගේ භූතාත්මය බොහෝ දෙනෙක් බියට පත් කොට ඇති බවයි කියන්නේ.
Old Changi Hospital, Changi, Singapore.
1930 වසරේදී එනම් දෙවන ලෝක යුධ සමයේදී ජපන් හමුදාව මෙම රෝහල අත්පත් කරගෙන මෙය ජපන් රහස් හමුදාවේ හිරගෙයක් බවට පත් කරගෙන සතුරන්ට වධහිංසා පමුණුවා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ කාලයෙන් පසුව මෙහි අවතාර, හොල්මන් දැකගන්න ලැබෙනවා කියලයි කියන්නේ. මියගිය ලේ පෙරාගත් ජපන් සොල්දාදුවන්, කාන්තාවන්, පිරිමින්, ළමුන්ගේ ආත්ම මෙම රෝහලේ පහළ ශාලාවල කාමර අතර සැරිසරනවා කියලයි කියන්නේ.
High Gate Cemetery, London, England.
ලන්ඩන් වගේ ඉතා ජනාකීර්ණ ප්‍රධාන නගරයක හොල්මන් සැරිසරන තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ. කනත්තක් කියන්නේ කොහොමත් හොල්මන් ඉන්න තැනක්නේ. එත් මේ තැන ඊටත් වඩා භයානකයිලු. 1839 පිහිටවපු මේ කනත්තේ 170000කට වඩා පිරිසක් මිහිදන් කරලා තියනවා. ඒ වගේම බොහෝ අවිරල අත්භූත ආත්මත් මෙහි සැතපෙනවා කියලයි කියන්නේ. highgate වල වඩාත් ප්‍රසිද්ධම එවැනි චරිතයක් විදියට වැම්පයර්ගේ ආත්මය හඳුන්වන්න පුළුවන්. උස, කළු පැහැති දිග ලෝගුවක් හා උස තොප්පියක් පැළඳගෙන සිටින වැම්පයර් බිය ගන්වනසුළු බැල්මකින් යුතු ආත්මයක් විදියටයි සලකන්නේ. ඒ වගේම විවිධ අඳුරු ආත්මයන්, අසුබ අනතුරු අඟවන ඇස් සහිත ආත්මයන්, උන්මත්තක වයසක කාන්තාව සොහොන් අතර සැරිසරන අතර ඇය විසින් මරා දමන ලද කුඩා දරුවන්ගේ ආත්මද සොහොන් බිම් අතර සැරිසරනවා කියලයි කියන්නේ.
Aokigahara Forest, Mount Fuji, Japan.
ජපානයේ ඉතා භයානක තැනක් වන මෙම වනාන්තරය අමනුෂ්‍ය ආත්මයන්ගෙන් පිරිලා කියලයි කියන්නේ. සිය ගණනකට අධික පිරිසක් මෙම වනාන්තරයේදී සියදිවි හානි කරගෙන තියනවලු. එසේ මියගිය පිරිසගේ ආත්මයන් වගේම තවත් අත්භූත ආත්මයන් මෙම වනාන්තරයේ සැරිසරන බවයි වාර්තා වෙන්නේ. ජපන් ජනශ්‍රැතියේ එන විදියට මෙම වනාන්තරය යක්ෂයාගේ තැනක් විදියටයි සලකන්නේ.
Chateau de Chateaubriant, France.
ප්‍රංශයේ පිහිටි සුවිශාල මාලිගාවක් ගැනයි මේ කියන්න යන්නේ. 16වන ශතවර්ෂයට පෙර මෙම මාලිගාවේ හිමිකරුගේ බිරිඳ හදිසියේම මිය යනවා. එත් ඇය මියයන්නේ හදිසියේ නෙමෙයි. ඇය සහ එකල ප්‍රංශ රජු අතර තිබු අනියම් සම්බන්ධය හේතුවෙන් ඇගේ සැමියා ඇයව ඝාතනය කරනවා. ඇයගේ මරණය සිදු වූ දින එනම් සෑම ඔක්තෝම්බර් 16 දිනකදීම ඇයගේ කාමරය පුරා ලේ පැල්ලම් දැකගන්න ලැබෙනවාලු. ඒ වගේම ඇයගේ අවතාරය මාලිගාව පුරා සැරිසරනවා කියලත් කියනවා.

භයානක අත්දැකීම් වගේම තවත් රසවත් තොරතුරු හොයාගෙන එළියට බහිමු තවත් ලිපියකින්.

Thursday, May 25, 2017

තාරුණ්‍යය තුළ ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍ය (K-drama)
අද වෙනකොට කොරියානු නාට්‍ය තරුණ පිරිස් අතර උන්මාදයක්ව පවතී. ලිපිය කියවන ඔබත් එහි කොටස්කරුවෙකු වනවා නොඅනුමානය. එත් මේ ජනප්‍රිය සංස්කෘතිකාංගය ගැන එහි ආරම්භය, විකාශය, වර්තමාන තත්වය ගැන නම් බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒ නිසා එළියට බැහැලා ඒ ගැන හොයන්නයි මේ සුදානම් වෙන්නේ.
කොරියානු නාට්‍ය (Korean Drama) හෙවත් K-drama යනු දකුණු කොරියාව තුළ කොරියානු භාෂාවෙන් නිර්මාණය වන Mini Series හෙවත් කෙටි නාට්‍ය මාලා වශයෙන් නිර්මාණය වන රූපවාහිනී නාට්‍ය විශේෂයකි. මේවා Television Series සහ Soap Opera (සෝප් ඔපෙරා) වශයෙන් නිර්මාණය කරනවා.
දකුණු කොරියාව 1960 දශකයේදී තමයි මුලින්ම කොරියානු මාලා නාටක විකාශනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. එත් අද වෙනකොට වඩාත් ජනප්‍රිය කතාංග (Episodes) 12-24 ත් අතර වූ කෙටි නාට්‍ය ආරම්භ වෙලා තියෙන්නේ 1990 දශකයේදීය. ඒ “Eyes of Dawn” නාට්‍යයත් සමඟය. 1995 වසරේදී නිර්මාණය වූ “Sandglass” කතා මාලාව “Korean Trendy Drama”හි ආරම්භක ජනප්‍රිය කතා මාලාව ලෙස හඳුන්වනවා.
කොරියානු නාට්‍ය ඇත්ත වශයෙන්ම ලොව පුරා ඉතාමත්ම ජනප්‍රියයි. ඒ නිසා විවිධ රටවල භාෂාවන්ගෙන් උපසිරැසි (Subtitles) ගැන්වීමටත් ඔවුන් කටයුතු කරනවා. උදාහරණයක් විදියට රටවල් 91ක විකාශනය කරන ලද “Dae Jang Geum” හෙවත්  Jewel in the Palace” හෙවත් ශ්‍රී ලංකාවෙත් විකාශනය වූ “සුජාත දියණි” නාට්‍යය හඳුන්වන්න පුළුවන්.
K-dramas සෑම විටම පාහේ කොරියානු සංස්කෘතිය පදනම්ව නිර්මාණය වනවා. ඒවා කතාංග (Episodes) 12-24 ත් අතර විකාශනය වන අතර Season එකකට පමණක් සීමා වීම විශේෂයක්. ඇතැම් ඉතිහාස කතා රැගත් කතා මාලා පමණක් කතාංග 50 සිට 200 දක්වා දිවෙන අවස්ථාත් පවතිනවා.
කොරියානු මාලා නාටක විකාශනය කරන රූපවාහිනී ආයතන වශයෙන් Seoul Broadcasting System (SBS), Korean Broadcasting System (KBS), Munhwa Broadcasting Corporation (MBC) වැනි Television networks සඳහන් කරන්න පුළුවන්. K-dramas බලන පිරිසටනම් මේ නම් හොඳින් අහල පුරුදු ඇති.
2000 වසරේදී තමයි නවතම කොරියානු නාට්‍ය genre (ශෝනරය) වන “Fusion Sageuk” හෙවත් ඉතිහාස කතා රැගත් මාලා නාටක නිර්මාණය වන්නේ. මේ වෙනකොට බොහෝ කොරියානු ඉතිහාස කතා අපි අතරත් ඉතා ජනප්‍රියයි.
K-drama නිර්මාණය වීම අපි K- drama නරඹන තරම් නම් පහසු කටයුත්තක් නෙමෙයි. එම නිෂ්පාදන සඳහා විශාල වියදමක් ඔවුන් දරනවා. වාණිජ පරමාර්ථ මූලික කරගන්නා නිසා එහි ජනප්‍රියභාවය රැකගන්න ඉතාමත් ජනප්‍රිය කොරියානු රංගන ශිල්පීන් ශිල්පිනියන් යොදා ගනිමින්ද, අලුත් කතා තේමා, ඉතා සරල රසවත් සිදුවීම් ආදියද සමඟ පූර්ව නිෂ්පාදන අවධිය, නිෂ්පාදන හා පශ්චාත් නිෂ්පාදන අවධීන්හීදී ද විශාල කාර්යයක් ඔවුන් සිදු කරනවා.
K- drama වල රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන නම් කතා නොකරම බැහැ. මොකද ඔවුන් ඒ තරම්ම ලොව පුරා ප්‍රේක්‍ෂකයන් අතර උන්මාදයක්ව ඇති නිසා. ඒ අතරින් වඩාත් වැඩි මුදලක් අය කරන ඉතාමත් ජනප්‍රිය තරු කිහිපදෙනෙකු ලෙස
Park shin Hye (The Heirs/ Your Beautiful) (කතාංගයක් සඳහා (1 episode) 21,000 USD),

Song hye kyo (Full House/ Descendants of the sun) (කතාංගයක් සඳහා (1 episode) 42,000 USD),
 Lee Jong Suk (I can hear your voice/ Pinocchio) (කතාංගයක් සඳහා (1 episode) 50,300 USD),
Song Joong Ki (Sungkyunkwan Scandal/ Descendants of the sun) (කතාංගයක් සඳහා (1 episode) 50,300 USD)
Lee Min Ho (කතාංගයක් සඳහා (1 episode) 58,700 USD) (Boys over Flowers/ City Hunter),
Lee Young Ae (Jewel in the Palace) (කතාංගයක් සඳහා (1 episode) 83,500 USD),
Jun Ji Hyun (My love from another Star/ Legend of the blue sea) (කතාංගයක් සඳහා (1 episode) 83,900 USD),

 Kim soo Hyun (My love from another star/ The moon that embraces the sun) (කතාංගයක් සඳහා (1 episode) 83,900 USD)
                                                                                 
යන අය හඳුන්වන්න පුළුවන්. මොවුන්ගේ ජනප්‍රියකම වගේම වත්කමුත් ඉතා ඉහළ අගයක් ගන්නා බවයි සඳහන් වෙන්නේ. මීට අමතරව K-Pop තරු බොහොමයක් දෙනා K- drama හි රංගනයේ නිරත වීම 2000 වසරෙන් පසු සිදු වූ ප්‍රවනතාවක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
මෑත කාලයේදී වඩාත් ජනප්‍රිය වූ K- drama කිහිපයක් ලෙස The K2, High End Crush, Descendants of the sun, Uncontrollably Fond, Scarlet Heart: Ryeo, Doctor Crush, Cheese in the Trap, Cinderella and four Knights, Goblin, The legend of the blue sea ගැනත් මතක් කරන්න ඕනේ.
අපි හැමෝම ආසාවෙන් බලන K- drama ගැන වගේම තවත් රසවත් දේවල් ගැන එළියට බැහැලා බලමු තවත් ලිපියකින්.



රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...