Monday, August 14, 2017

හිරෝෂිමා නාගසාකි




 මෙම ලිපියෙන් එළියට බැහැලා හොයන්න යන්නේ එතරම් සුන්දර ත්දැකීමක් ගැනනම් නෙමෙයි. අගෝස්තු මාසේ සිද්ද වුන ඉතා භයානක සිදුවීමක් තමයි හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාර කියන්නේ. ඉතින් ඒ ගැන එලියට බැහැලා හොයමු මේ ලිපියෙන්.
දෙවන ලෝක යුද්ධය පැවති කාල වකවානුවේ ජපන් අධිරාජ්‍යයාගේ නොමනා හැසිරීම් නිසා ආසියාතික ජනයාට දැඩි ප්‍රශ්න වලට මුහුණපාන්නට සිදු විය. මිලියන ගණනින් ජීවිත ජර්මනිය ප්‍රමුඛ නාසීන් විසින් විනාශ කරද්දී, ආසියාව තුළ ජපානය රුදුරු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන ලදී. ඒ හේතුවෙන් ජපානයට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට එවකට ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන්  කටයුතු කළේය.  නාසි ආධිපත්‍ය අඩපණ කරමින් සිටි කාල වකවානුවක ජපානයේ අධිරාජ්‍යවාදී නැගීම නිසා ඇමරිකාව විසින් එය පාලන කිරීමේ උපායක් ලෙස මෙම බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සිදු කරන ලදී.
1945 අගෝස්තු මස 6 වෙනිදා උදෑසන ජපානයට ඉතාමත් වේදනාකාරී දිනයක් බවට පත් කරමින් Uranium gun-type හෙවත් little boy පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙලන ලදී. මෙම බෝම්බ ප්‍රහාරයෙන් 30%ක් තරම් වූ හිරෝෂිමා වැසියන් සමූලඝාතනය විය. 70,000-126,000ත් අතර ප්‍රමාණයක් වේ. එමෙන්ම 20000 ක් වූ ජපන් හමුදා සෙබලුන්ද ඉන් ජීවිතක්‍ෂයට පත් විය. 70,000 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.
එම බෝම්බ පහාරයෙන් යටත් නොවූ ජපන් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව හිරෝෂිමා ප්‍රහාරය සිදුවී දින තුනකට පසුව ටෲමන් ජනාධිපතිවරයාගේ අණ පරිදි නාගසාකි නගරයට fat man හෙවත් plutonium implosion-type බෝම්බය හෙලන ලදී.  එම ප්‍රහාරයෙන් 39,000-80,000 ත් අතර සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය විය.

එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජපානය අධිරාජ්‍යවාදී පාලනයෙන් ඉවත්වීමට සිදු විය. කෙසේවෙතත් එම සියලු ප්‍රහාර වලින් මෙන්ම අධිරාජ්‍යවාදී පාලනයෙන් පීඩා විඳින ලද්දේ සාමාන්‍ය වැසියන්ය. එම ප්‍රහාරයෙන් වසර 72ක් ගතවී ඇතත් අදටත් හිරෝෂිමා, නාගසාකි ප්‍රදේශවල පරමාණු බෝම්බයේ බලපෑමෙන් විවිධ ආබාධයන්ට ලක්වූ වැසියන් දැකගත හැකිය.


හිරෝෂිම නාගසාකි විනාශයන් පිළිබඳ මෙම ලිපියෙන් එළියට බැහැලා හොයලා බැලුවේ. එත් අනාගතයේ කිසිම දවසක මෙවැනි සිදුවීමක් ගැන හොයලා බලන්න එලියට බහින්න වෙන්න එපා කියලයි අන්තිමට ප්‍රාර්ථනා කරන්නේ. 

රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...