Wednesday, July 19, 2017

ලෝක උරුමයන්


ලෝක උරුමයන්
ලෝක උරුමයන් ගැන එළියට බැහැලා හොයන්න හිතුනේ පහුගිය දවස්වල ලංකාවේ තියන ලෝක උරුමයක් ගැන ලොකු කතාබහක් ඇති උන නිසයි. ඒ නිසා ලෝක උරුමයන් ගැන හොයලා බලමු මේ ලිපියෙන්.
ලෝක උරුමයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ අතීතයෙන් අපට උරුම වූ සංස්කෘතිකමය, ඓතිහාසිකමය හෝ විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත වූ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් හිමි කරගත් භූමියක්, ප්‍රදේශයක් හෝ ස්ථානයක් වේ. මෙම උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානය හෙවත් (UNESCO) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය 1972 නොවැම්බර් මස 16වන දින ඇතිකරගත් “ලෝක සංස්කෘතිය හා ස්වභාවික උරුමය සුරැකීමේ සම්මුතිය” මගින් ෛනතිකමය වටිනාකමක් ලබාදිණි.
මේ හරහා සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වශයෙන් ස්වභාවික සංස්කෘතික උරුමයන් හඳුනා ගැනීම, එම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම හා රටවල් දිරිමත් කිරීම, ලෝක උරුමයන් ලෙස නම් කරන ලද ස්ථාන කළමනාකරණය කිරීම හා ඒ ඒ රාජ්‍යයන් ඒ සඳහා උනන්දු කරවීම, ඊට අවශ්‍ය තාක්ෂණික සහය හා පුහුණුව ලබාදීම, එමෙන්ම එම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා දේශීය ජනයා උනන්දු කරවීම හා ජාත්‍යන්තර සහයෝගය ලබාදීම යනාදී කාරණා දැක්විය හැකිය.
2017 ජූලි මාසය වන විට යුනෙස්කෝ සංවිධානය විසින් රටවල් 167කට අයත්, ලෝක උරුමයන් වශයෙන් ස්ථාන 1073ක් හඳුනාගෙන ඇති අතර ඉන් 832ක් සංස්කෘතිකමය වටිනාකම් සහිත ස්ථාන වන අතර, ස්ථාන 206ක් ස්වභාවික හා ස්ථාන 35ක් වෙනත් පොදු කාරණාවන් මත ලෝක උරුමයන් ලෙස නම් කොට තිබේ. එලෙස නම් කරන ලද ස්ථානවලට පෞරාණික නටඹුන් හෝ ඓතිහාසිකමය වටිනාකමක් සහිත ස්ථාන, ගොඩනැගිලි, නගර, කාන්තාර, වනාන්තර, දූපත්, ගංගාවන්, ස්මාරක, හා කඳු යනාදිය අයත් වේ.

මෙම ලෝක උරුමයන් අතරින් යුනෙස්කෝවට අනුව 2017 වනවිට ස්ථාන 54ක් විනාශවී යාමේ  අනතුරුදායක මට්ටමට පත්ව ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් ස්ථාන 17ක් ස්වභාවික හා ස්ථාන 37ක් සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන වශයෙන් හඳුනාගෙන තිබේ. ඊට හේතු වශයෙන් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරන්නේ ස්වභාවික හේතුන් මත මෙන්ම බොහෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම උරුමයන් විනාශ වීමට පත්වන බවයි. ඇතැම් ස්ථාන වල පවත්නා ඓතිහාසික බව හේතුවෙන්ද, ඇතැම් ස්ථාන මානව ක්‍රියාකාරකම් හේතුවෙන්ද විනාසවී යන බවයි. විශේෂයෙන් යුධමය වාතාවරණ සහිත ප්‍රදේශවල ඇති ලෝක උරුමයන් එවැනි ගණයෙහිලා සැලකෙයි. නමුත් එම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කරනු ලබයි. 
ලෝක උරුමයන් ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොයලා බලමු තවත් ලිපියකින්.

Wednesday, July 5, 2017

Transformers



ජුනි මාසේ 21 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු Transformers අලුත්ම චිත්‍රපටිය ආදායම් වාර්තා කිහිපයක්ම තබන්න සමත්වුණු චිත්‍රපටියක්. ඒ නිසා එළියට බැහැලා මේ හොයන්න යන්නේ Transformers චිත්‍රපට ගැනයි.
Transformers චිත්‍රපටි මාලාවක් හෙවත් series එකක් විදියට හඳුන්වන්න පුළුවන්. American Science fiction action films ගණයට තමයි මේ films අයිති වෙන්නේ. චිත්‍රපටි අධ්‍යක්‍ෂණය කලේ Michael Bay විසින්. කතා වලට පාදක වෙන්නේ Hasbro ඇමරිකානු බහුජාතික සෙල්ලම්බඩු නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයන් හා Tomy ජපන් සෙල්ලම්බඩු නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ආශ්‍රයෙනුයි. Paramount Picture චිත්‍රපටි බෙදා හැරීම සිදු කරයි.
පළමු Transformers චිත්‍රපටිය 2007දි තිරගත කරන්නේ. Shia LaBeouf හා Megan Fox ප්‍රධාන චරිත නිරුපනය කරනවා.

දෙවන චිත්‍රපටිය Revenge of the Fallen, 2009 වසරේදී තමයි තිරගත වෙන්නේ. 2011දි Dark of the moon චිත්‍රපටිය තිරගත කරනවා. ප්‍රධාන චරිතය Megan Fox වෙනුවට Rosie Huntington විසින් සිදු කරනු ලැබීය.
 2014දි Age of Extinction චිත්‍රපටිය තිරගත විය.  Mark Wahlberg හා Stanley Tucci ප්‍රධාන චරිත නිරුපනය කරයි. 


 2017 ජුනි 20 වෙනිදා The Last Knight චිත්‍රපටියත් තිරගත විය. ඩොලර් මිලියන 272ක ආදායමක් මේ වනවිටත් ලොව පුරා චිත්‍රපටිය ප්‍රදර්ශනයෙන් ලබාගෙන ඇත. චිත්‍රපටය 2D, 3D හා IMAX 3D තාක්ෂණයෙන් නැරඹීමේ හැකියාව ප්‍රේක්ෂකයාට හිමි වේ.  

මේ වගේ තොරතුරු  හොයමු එළියට බැහැලා තවත් ලිපියකින්. 

රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...