Thursday, May 25, 2017

තාරුණ්‍යය තුළ ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍ය (K-drama)
අද වෙනකොට කොරියානු නාට්‍ය තරුණ පිරිස් අතර උන්මාදයක්ව පවතී. ලිපිය කියවන ඔබත් එහි කොටස්කරුවෙකු වනවා නොඅනුමානය. එත් මේ ජනප්‍රිය සංස්කෘතිකාංගය ගැන එහි ආරම්භය, විකාශය, වර්තමාන තත්වය ගැන නම් බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒ නිසා එළියට බැහැලා ඒ ගැන හොයන්නයි මේ සුදානම් වෙන්නේ.
කොරියානු නාට්‍ය (Korean Drama) හෙවත් K-drama යනු දකුණු කොරියාව තුළ කොරියානු භාෂාවෙන් නිර්මාණය වන Mini Series හෙවත් කෙටි නාට්‍ය මාලා වශයෙන් නිර්මාණය වන රූපවාහිනී නාට්‍ය විශේෂයකි. මේවා Television Series සහ Soap Opera (සෝප් ඔපෙරා) වශයෙන් නිර්මාණය කරනවා.
දකුණු කොරියාව 1960 දශකයේදී තමයි මුලින්ම කොරියානු මාලා නාටක විකාශනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. එත් අද වෙනකොට වඩාත් ජනප්‍රිය කතාංග (Episodes) 12-24 ත් අතර වූ කෙටි නාට්‍ය ආරම්භ වෙලා තියෙන්නේ 1990 දශකයේදීය. ඒ “Eyes of Dawn” නාට්‍යයත් සමඟය. 1995 වසරේදී නිර්මාණය වූ “Sandglass” කතා මාලාව “Korean Trendy Drama”හි ආරම්භක ජනප්‍රිය කතා මාලාව ලෙස හඳුන්වනවා.
කොරියානු නාට්‍ය ඇත්ත වශයෙන්ම ලොව පුරා ඉතාමත්ම ජනප්‍රියයි. ඒ නිසා විවිධ රටවල භාෂාවන්ගෙන් උපසිරැසි (Subtitles) ගැන්වීමටත් ඔවුන් කටයුතු කරනවා. උදාහරණයක් විදියට රටවල් 91ක විකාශනය කරන ලද “Dae Jang Geum” හෙවත්  Jewel in the Palace” හෙවත් ශ්‍රී ලංකාවෙත් විකාශනය වූ “සුජාත දියණි” නාට්‍යය හඳුන්වන්න පුළුවන්.
K-dramas සෑම විටම පාහේ කොරියානු සංස්කෘතිය පදනම්ව නිර්මාණය වනවා. ඒවා කතාංග (Episodes) 12-24 ත් අතර විකාශනය වන අතර Season එකකට පමණක් සීමා වීම විශේෂයක්. ඇතැම් ඉතිහාස කතා රැගත් කතා මාලා පමණක් කතාංග 50 සිට 200 දක්වා දිවෙන අවස්ථාත් පවතිනවා.
කොරියානු මාලා නාටක විකාශනය කරන රූපවාහිනී ආයතන වශයෙන් Seoul Broadcasting System (SBS), Korean Broadcasting System (KBS), Munhwa Broadcasting Corporation (MBC) වැනි Television networks සඳහන් කරන්න පුළුවන්. K-dramas බලන පිරිසටනම් මේ නම් හොඳින් අහල පුරුදු ඇති.
2000 වසරේදී තමයි නවතම කොරියානු නාට්‍ය genre (ශෝනරය) වන “Fusion Sageuk” හෙවත් ඉතිහාස කතා රැගත් මාලා නාටක නිර්මාණය වන්නේ. මේ වෙනකොට බොහෝ කොරියානු ඉතිහාස කතා අපි අතරත් ඉතා ජනප්‍රියයි.
K-drama නිර්මාණය වීම අපි K- drama නරඹන තරම් නම් පහසු කටයුත්තක් නෙමෙයි. එම නිෂ්පාදන සඳහා විශාල වියදමක් ඔවුන් දරනවා. වාණිජ පරමාර්ථ මූලික කරගන්නා නිසා එහි ජනප්‍රියභාවය රැකගන්න ඉතාමත් ජනප්‍රිය කොරියානු රංගන ශිල්පීන් ශිල්පිනියන් යොදා ගනිමින්ද, අලුත් කතා තේමා, ඉතා සරල රසවත් සිදුවීම් ආදියද සමඟ පූර්ව නිෂ්පාදන අවධිය, නිෂ්පාදන හා පශ්චාත් නිෂ්පාදන අවධීන්හීදී ද විශාල කාර්යයක් ඔවුන් සිදු කරනවා.
K- drama වල රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන නම් කතා නොකරම බැහැ. මොකද ඔවුන් ඒ තරම්ම ලොව පුරා ප්‍රේක්‍ෂකයන් අතර උන්මාදයක්ව ඇති නිසා. ඒ අතරින් වඩාත් වැඩි මුදලක් අය කරන ඉතාමත් ජනප්‍රිය තරු කිහිපදෙනෙකු ලෙස
Park shin Hye (The Heirs/ Your Beautiful) (කතාංගයක් සඳහා (1 episode) 21,000 USD),

Song hye kyo (Full House/ Descendants of the sun) (කතාංගයක් සඳහා (1 episode) 42,000 USD),
 Lee Jong Suk (I can hear your voice/ Pinocchio) (කතාංගයක් සඳහා (1 episode) 50,300 USD),
Song Joong Ki (Sungkyunkwan Scandal/ Descendants of the sun) (කතාංගයක් සඳහා (1 episode) 50,300 USD)
Lee Min Ho (කතාංගයක් සඳහා (1 episode) 58,700 USD) (Boys over Flowers/ City Hunter),
Lee Young Ae (Jewel in the Palace) (කතාංගයක් සඳහා (1 episode) 83,500 USD),
Jun Ji Hyun (My love from another Star/ Legend of the blue sea) (කතාංගයක් සඳහා (1 episode) 83,900 USD),

 Kim soo Hyun (My love from another star/ The moon that embraces the sun) (කතාංගයක් සඳහා (1 episode) 83,900 USD)
                                                                                 
යන අය හඳුන්වන්න පුළුවන්. මොවුන්ගේ ජනප්‍රියකම වගේම වත්කමුත් ඉතා ඉහළ අගයක් ගන්නා බවයි සඳහන් වෙන්නේ. මීට අමතරව K-Pop තරු බොහොමයක් දෙනා K- drama හි රංගනයේ නිරත වීම 2000 වසරෙන් පසු සිදු වූ ප්‍රවනතාවක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
මෑත කාලයේදී වඩාත් ජනප්‍රිය වූ K- drama කිහිපයක් ලෙස The K2, High End Crush, Descendants of the sun, Uncontrollably Fond, Scarlet Heart: Ryeo, Doctor Crush, Cheese in the Trap, Cinderella and four Knights, Goblin, The legend of the blue sea ගැනත් මතක් කරන්න ඕනේ.
අපි හැමෝම ආසාවෙන් බලන K- drama ගැන වගේම තවත් රසවත් දේවල් ගැන එළියට බැහැලා බලමු තවත් ලිපියකින්.



රෝල් ඩාල්

Roald Dahl සාහිත්‍ය මාසේ ඉපදුන ළමා පාඨකයා වෙනුවෙන් බොහෝ රසවත් කතා ලියපු කතාකරුවෙක් ගැන තමයි මේ එලියට බැහැලා හොයන්න යන්නේ. රෝල් ඩාල් ...